April 20, 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව ඉන්දියානු කණ්ඩායම්වලටත් එපා වෙයි

February 19, 2021

ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම T20 ක්‍රිකට් තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) දිනයේ දී පැවැත් වුණි.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය හිමි වූ සිදුවීම් කිහිපයක් වූ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට හිමි දැවැන්තම මිලදී ගැනීම ද ඊයේ දිනයේ සිදු වූ අතර ඔහුව ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකට රාජස්ථාන් රෝයල් කණ්ඩායම මිලදී ගැනීමට කටයුතු කළේය.

මෙහිදී  මෙම වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් 09 දෙනෙකු ද ඉදිරිපත් වී තිබුණු අතර ඉන් වෙන්දේසිය සඳහා යොමු කර තිබුණේ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණයි.

මෙලෙස ඉදිරිපත් කර තිබුණේ කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ය.

නමුත් මෙම ක්‍රීඩකයන් තිදෙනාවම කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමට කටයුතු කර තිබුණි.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරපු එකම ක්‍රීඩකයා වූ රෝයල් චැලේනජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානවද මෙම වසරේ දී ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයකි.

Rate this item
(1 Vote)