April 25, 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී ශාරුක් ඛාන් කළ හරියක් - ශාරුක්ගේ පුතා ඉදිරිපිට දී ශාරුක්ව ප්‍රිටී සින්ටා මිලට ගනී (VIDEO)

February 18, 2021

අද (18) දිනයේ ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම T20 ක්‍රීඩා තරඟාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත් විය.

මෙහිදී අධික මිල ගණන්වලට ක්‍රීඩකයන් විවිධ කණ්ඩායම්වලට අලෙවි වූ නමුත් සියලු දෙනාම වැඩියෙන්ම කතා කළේ ඉන්දීය සුරූපි මෙන්ම ජනප්‍රිය නිළියක් වන කිංග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරිණිය වන ප්‍රීටී සින්ටා කළ මිලදී ගැනීමක් පිළිබඳවයි.

මෙහිදී ඇය විසින් තමිල්නාඩුව නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එකතු වන ශාරුක් ඛාන් නම් තරුණ ක්‍රීඩකයාව මිලට ගැනීමට කටයුතු කළේය.

සුප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු වන කිංග් ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ නම මෙම පිතිකරුවාට තිබීම නිසා විවිධ හාස්‍ය ජනක පුවත් ද ඉන්දීයානු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර හුවමාරු විය.

එහිදී ශාරුක් සහ ප්‍රීටි සින්ටා එකට රඟපාන ලද කවදාවත් එකතු වීමට නොලැබුණු පෙම්වතුන් යුවලක්ගේ කතාව රැගත් වීර් - සාරා චිත්‍රපටයේ වීර්ට සහ සාරාට නැවත එකතු වන්නට අවස්ථාවද හිමි වූ බවට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් පවසා තිබුණි.

එමෙන්ම නළු ශාරුක් ඛාන්ගේ ඡායාරූප ද පළ කරමින් තවත් පිරිසක් සඳහන් කර තිබුණේ ප්‍රීටි සින්ටා විසින් කිංග් ඛාන්ව ඉන්දීය රුපියල් කෝටි 5.25කට මිලදී ගත් බවයි.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩක ශාරුක් ඛාන්ව මිලදී ගැනීමෙන් පසුව ප්‍රිටී සින්ටා විසින් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ ක්‍රිකට් කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට පැමිණි පිරිස දෙස බලා සිනාසෙන අයුරුද දැක ගත හැකි විය. 

එම අවස්ථාවේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුතා වන ආර්යන් ඛාන් ද සහභාගී වි සිටි අතර ඔහුද එම අවස්ථාවේ සිනාසෙන අයුරුද දැකගත හැකිවිය.

එම අවස්ථාව පහතින්,

Rate this item
(0 votes)