April 19, 2024

LPL දඹුල්ල වයිකිං කණ්ඩායමේ හිමිකරු කළු සල්ලි සුදු කරන්නට ගොස් අත්අඩංගුවට

February 18, 2021

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දඹුල්ල වයිකිං කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම නළුවෙකුද, නිෂ්පාදකවරයෙකු ද වන ඕම්කාර් ව්‍යාපාරයේ හිමිකරු වන සචින් ජෝෂිව ඉන්දියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සචින් ජෝෂිව පසුගිය ඉරිදා (14) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) දිනය දක්වා ඔහුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් කර තිබේ.

සචින් ජෝසිව සහ ඔහුගේ ඕම්කාර් ව්‍යාපාරයට මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා චෝදනා එල්ල වී තිබුණි.

සචින් ජෝෂිට මෙම චෝදනා එල්ල වී තිබුණේ ඔහු විසින් මුඩුක්කු නිවාස අලුත්වැඩියා කිරීම සඳහා මුදල් යෙදවීම කර ඇති අතර ඒ සඳහා ඔහු විසින් තමන්ගේ ව්‍යාපාරයේ නම හෝ එම වෙළෙඳ නාමයන් භාවිත කර නොතිබීම හේතුවෙන් ඔහු විසින් මුදල් විශුද්ධිකරණයක් කර ඇති බවට චෝදනා එල්ල විය.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දඹුල්ල වයිකිං කණ්ඩායමේ හිමිකරුවාද වන්නේ සචින් ජෝෂිය.

Rate this item
(1 Vote)