March 29, 2024

“හැමදෙයක්ම මම දෙපාරක් කරන්න කැමතියි” - සරදම් කළ ප්‍රේක්ෂකයන්ට ධනුෂ්ක ගුණතිලකගෙන් පිළිතුරු

February 16, 2021

පසුගිය 12 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ධාවන පථයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්  ක්‍රීඩකයන්ගේ “යෝග්‍යතාවය සහ විඳදරා ගැනීම” කියන හැකියාවන් මැන බැලීම සඳහා විනාඩි 08යි තප්පර 35ක් තුළ කිලෝ මීටර් 2ක් දිවීමට ලබා දුන්නේය.

එහිදී ක්‍රීඩකයන් 04 දෙනෙකු හැර සෙසු ක්‍රීඩකයන් සියලු දෙනා සමත්විය. 

මෙහිදි අසාර්ථකත්වයට පත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද (16) දිනයේ නැවත වරක් මෙම අභියෝගයට මුහුණ දී තිබුණු අතර එහිදී ඔවුන් එය සාර්ථකව අවසන් කර තිබුණි.

එහිදී ධනුෂ්ක ගුණතිලක විසින් විනාඩි 08යි තප්පර 23ක් තුළ අභියෝගය සාර්ථකව නිම කර තිබුණි.

මෙම අභියෝගය ජය ගැනීමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක කියලා තිබුණේ “හැමදෙයක්ම මම දෙපාරක් කරන්න කැමති.. සියලුම උදව්වලට සහ විවේචනවලට ස්තූතියි” ලෙසිනි.

සිය විවාහය නිසා පළමු අභියෝගයට සහභාගී නොවුණු කුසල් මෙන්ඩිස් ද මෙම අභියෝගයට සහභාගී වී තිබුණු අතර ඔහුද එය සාර්ථකව අවසන් කර තිබුණි.

කෙසේ වෙතත් සමහර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවසා තිබුණේ අභියෝගය සාර්ථක වුවත් ගුණතිලකගේ ආකල්පවල තවමත් වෙනසක් සිදුව නොමැති බවයි තවත් පිරිසක් කියා තිබුණේ පළවෙනි පාරම එය සමත් වන්නට බැරි වුණාද ලෙසයි.

Rate this item
(1 Vote)