March 29, 2024

“නළුවා වගේ හිටියට කිලෝ මීටර් 02ක් දුවා ගන්න බැහැ” - ධනුෂ්ක ගුණතිලකට ලංකාවේ ක්‍රිකට් ලෝලීයෝ සරදම් කරයි

February 13, 2021

ඊයේ (12) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ධාවන පථයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට සුවිශේෂි අභියෝගයක් ලබා දී තිබුණි.

ඒ ඔවුන්ගේ ශරීර යෝග්‍යතාවය සහ විඳදරා ගැනීම පරික්ෂා කිරීම සඳහායි.

මෙම අභියෝගයේ දී ඔවුනට කිලෝ මීටර් 2ක් විනාඩි 08යි තප්පර 35ක් තුළ දුවා අවසන් කළ යුතුව තිබුණි‍ෙ

මෙහිදී බොහෝ ක්‍රීඩකයන් ප්‍රමාණයක් එය සාර්ථකව අවසන් කළ අතර ක්‍රීඩකයන් 04 දෙනෙකු අසමත් වූ බව දැනගන්නට ලැබෙයි

මෙහිදී අසමත් වූවන් ලෙස කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා සහ භානුක රාජපක්ෂ සිටින බවද වාර්තා වෙයි.

මෙහිදී මෙරට බොහෝ ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් සඳහා වූ සමූහයන් තුළ ධනුෂ්ක ගුණතිලකට සරදම් කරන ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී සමහර ප්‍රේක්ෂයන් විසින් පවසා තිබුණේ “රිදී තීරයම පරාද කරන්න පුළුවන් වුණත් කිලෝ මීටර් 2ක් දුවාගන්න බැහැ” යනුවෙනි. තවත් පිරිසක් සඳහන් කර තිබුණේ “අවුලක් නැහැ දුවන්න බැරි වුණාට, දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්ස්ටා එකට දාන්න තව පොටෝ ටිකක් ගන්න පුළුවන් නේහේ”, එමෙන්ම තවද සඳහන් කර තිබුණේ "මෙයාලා ජිම් එකට ගිහිල්ලත් කරන්නේ ඉන්ස්ටා අප්ග්‍රේට් කරන එකයි, මිනිස්සුන්ට බනින එකයි නේ ඉතිං. ෆිට්නස් හදාගන්න වෙලාවක් කොහෙද ඉතිං.." යනුවෙනි.

තවත් ක්‍රිකට් ලෝලීන් පිරිසක් සඳහන් කර තිබුණේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට මොවුන්ට වඩා යෝග්‍යතාවය ඇති බවයි.

කෙසේ වෙතත් අසමත් වූ ක්‍රීඩකයන්ට දින 40කින් පසුව නැවත වරක් මෙම කිලෝ මීටර් 2ක ධාවන පරික්ෂණයට සහභාගී විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් භෞතික කාර්ය සාධක කලමණාකරු ග්‍රාන්ට් ලූඩන් පවසා තිබේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 13 February 2021 11:21