March 28, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ව කිලෝ මීටර් 02ක් දුවවයි - හේතුව මෙන්න (PHOTO)

February 12, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර කොදෙව් සංචාරය සඳහා තෝරා ගත් 36 දෙනෙකුගෙන් යුතු සංචිතයේ ක්‍රීඩකයන් 32 දෙනෙකු අද (12) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අභියෝගයට ලක් කළේය.

ඒ විනාඩි 8යි තප්පර 35ක් තුළ කිලෝ මීටර් 02ක් දුවන්නට ලබා දෙමිනි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය සහ විඳදරාගැනීම පරික්ෂා කිරීම සඳහා මෙතෙක් කල් භාවිත කරන ලද යෝ-යෝ ක්‍රමවේදය වෙනුවට මෙම නව ක්‍රමවේදය අනුගමනය කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු ලබා ගැනීමටත්, ලෝකයේ ඉහළ මට්ටමට පැමිණීමත් සඳහා මෙම ක්‍රියාකාරකම කළ බවත් පන්දු යවන්නන් හට, පිතිකරුවන්ට හා කඩුළු රකින ක්‍රීඩකයන්ට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කංඩායමේ භෞතික කාර්ය සාධන කලමණාකරු ලෙස කටයුතු කරන ග්‍රාන්ට් ලුඩන් පවසා තිබේ. 

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පරික්ෂණය අසාර්ථක වන ක්‍රිකට් ක්‍රීඩකයන් හට නැවත අවස්ථාවක් දින 40කින් ලබා දෙන බවයි. එමෙන්ම T20 ලෝක කුසලානය වන විට යෞග්‍යතාවය සහ විඳ දරා ගැනීම සහිත ක්‍රීඩකයන් පිරිසක් නිර්මාණය කර ගැනීමද මෙහි අරමුණ බව ඔහු වැඩදුරටත් සඳහන් කළේය.

මෙම පරික්ෂණය සාර්ථක වූ ක්‍රීඩකයන් අතර තිසර පෙරේරා, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජෙලෝ මැතිව්ස්, ඉසුරු උදාන, රොෂේන් සිල්වා සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම අවස්ථාවට කුසල් මෙන්ඩිස් සිය විවාහය නිසාද, ධනංජය සිල්වා රෝගී තත්ත්වය සුව වන කාල සීමාවේ සිටින නිසාද, අවිශ්ක ප්‍රනාන්දු පාදයේ අබාධයක් නිසාද, ළහිරු තිරිමාන්න නිරෝධායනය වන නිසාද සහභාගී වී නොතිබුණි.

පරික්ෂණ වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ලබා දීමට නියමිතයි.

 එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(1 Vote)