April 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉඩක් නැහැ

February 09, 2021

ශ්‍රී ලංකා රජයේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළත් නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇති බවට රජයේ පුවත්පතක් වාර්තා කර තිබේ.

මහාචාර්යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සමඟ කළ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙයි.

එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා මෙරට රජය විසින් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවත් එහි ප්‍රමුඛතාවය කොරෝනා මර්දනය කිරීම සඳහා ඉදිරිපෙළ කටයුතු කරනු ලබන ආරක්ෂක අංශ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් වෙත පමණක් ලබා දී ඇති බවයි.

මෙසේ ලබා දීමට නොහැකි බවට ඔහු විසින් හේතුව ලෙස සඳහන් කර තිබුණේ රජය විසින් නිර්මාණය කර ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්වද ලැයිස්තු ගත කළ නොහැකි බවයි. ඔවුන් කොවිඩ්-19 රෝගයට නිරාවරණය වන අවස්ථාව ඉතාම අවම බවත් එම ක්‍රීඩකයන්ට දියවැඩියාව හෝ වකුගඩු රෝග නොමැති බවත් මහාචාර්යවරයා සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සෑම විටම ක්‍රීඩාව සඳහා හොඳ ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගන්නා බවත්  එබැවින් තමන්ගේ පුද්ගලික මතය නම් කොවිඩ්-19 ප්‍රමුඛතා ලැයිස්තුවට ඔවුන් ඇතුළත් කළ නොහැකිය යන්නද ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපතිවරයා සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩකයින්ට පමණක් නොව අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවා මෙම එන්නත ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකි නමුත් රජයේ ක්‍රමයට අනුව අප ඉදිරියට යා යුතු යැයිද යැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නාශක මර්දන කාර්යාංශයේ (SLADA) සභාපතිවරයා ද වන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පෞද්ගලික අංශය විසින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.

Rate this item
(0 votes)