March 29, 2024

අබුඩාබි ටී10 ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වැඩ පෙන්වූ ලංකාවේ තීක්ෂණ සහ ධනංජයගේ වැඩ මෙන්න (VIDEO)

February 08, 2021

අබුඩාබී ටී10 ක්‍රිකට් තරඟාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් යොවුන් ක්‍රීඩකයන් වූ මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් පිළිබඳව බොහෝ දෙනා කතාබහ කිරීමට පටන් ගෙන තිබේ.

පසුගිය 06 වෙනිදා පැවැත් වුණු අවසන් තරගයේ දී මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් නියෝජනය කළ නෝර්තන් වොරියස් කණ්ඩායම කඩුළු 08කින් තරගය ජය ගැනීමට සමත්විය.

මෙහිදී ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ දිල්ල බූල්ස් කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුළු 09කට ලකුණු 81ක් රැස් කරගැනීමට සමත්විය.

මෙහිදී පන්දු යැවීමේ දී මහේෂ් තීක්ෂණ පන්දුවාර 02ක් ක්‍රියාත්මක කර ලකුණු 14කට කඩුළු 03ක් දවා ගැනීමට සමත්විය. ධනංජය ලක්ෂාන් පන්දුවාර 02ක් ක්‍රියාත්මක කර ලකුණු 14කට කඩුළු 02ක් දවා ගැනීමට සමත් විය.

මෙහිදී අවසන් තරගයේ වීරයා වන්නටද මහේෂ් තීක්ෂණ සමත්විය.

අති දක්ෂ පන්දු යවන්නන් පිරිසක් නෝර්තන් වොරියස් කණ්ඩායම සතුව සිටියත් ලංකාවේ යෞවන ක්‍රීඩකයන් දෙදෙනා ගැන තැබූ විශ්වාසයට උපරිමය ඔවුන් දෙදෙනා ඉෂ්ට කළ බවද ක්‍රිකට් ලෝලීන් පවසා සිටියි.

තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් කඩුළු දවා ගත් හැටි වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2021 11:42