April 16, 2024

“මට තවම මොකුත් කිව්වේ නැහැ - භාර දුන්නොත් කරනවා, මට සැලැස්මක් තියෙනවා” - ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් ගැන කියපු කතාව (EXCLUSIVE)

February 02, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට මේ වන විට නම් යෝජනා වී ඇති බවට සඳහන් වෙයි. 

මෙලෙස යෝජනා වී ඇති නම් අතරට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, වරුණ වරාගොඩ, රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න සහ කපිල විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබේ.

ඒෂියන් මිරර් අප විසින් මේ පිළිබඳව දැන ගැනීම සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තෙමු.

එහිදී අප ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට යෝජනා වීමේ පිළිබඳව විමසා සිටි අතර ඒ අවස්ථාවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ඒ පිළිබඳව තවමත් නොදන්නා බවයි.

අප නැවත විමසා සිටියේ තේරීම් කමිටු සභාපති ධූරය ලැබුණහොත් භාර ගන්නවාද යන්නයි. එහිදී ඒ මහතා කියා සිටියේ “හම්බ වුණොත් භාර ගන්න ලෑස්තියි. ඒත් තවමත් මට මොකුත් දන්වලා නැහැ. මම දැක්කා මගේ නම යෝජනා වෙලා තියෙනවා කියලා..හම්බ වුණොත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.  තවමත් මට එහෙම කිසිම දෙයක් ලැබිලා නැහැ..” යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් වැටී ඇති බවට බොහෝ ප්‍රේක්ෂකයන් පවසන අවස්ථාවක අප වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේ මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට හැකියාවක් ඇතිද යන්නයි. 

එයට පිළිතුරු ලෙස ඒ මහතා කියා සිටියේ “අනිවාර්යෙන්ම මගේ ප්ලෑන් එකක් තියෙනවා මොකක්ද කරන්න ඕන කියන එක..මම කළිනුත් 2012 - 2014 වකවානුවේ හිටියා.. ඒ අත්දැකීමුත් තියෙනවා.. හම්බ වුණොත් මගේ ප්ලෑන් එකක් තියෙනවා ඒක අනුව කරවා..” යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් ඉදිරි කටයුතු සඳහා සහභාගී කරගන්නට සුදානම්ද යන්නත් අප ඒ මහතාගෙන් විමසා සිටියේ “අපේ ප්‍රවීණයන් හැමදෙනාගේම අදහස් ගන්න වෙනවා. එයාලාගේ වගේම පුහුණුකරුවන්ගේ අදහස් අරගෙන තමයි ඉදිරියට යන්න ඕන..”

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා දක්වන දායකත්වය පිළිබඳවද අප ඒ මහතාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ “එතුමා හොඳ ගමන් යනවා. ක්‍රීඩකයන් සේරම සහභාගී කරගෙන. එතුමා ඒ වැඩේ හරියටම කරයි. එතුමා අනිවාර්යෙන්ම එතන ඉන්නවා..” යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් ගැනීමට යෝජනාවක් ඇද්දැයි ද අප ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියේය.

“අනිවාර්යෙන්ම.. අවශ්‍ය වුණොත් මම ගන්නවා..” යැයි ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

ප්‍රමෝද්‍ය වික්‍රමරත්න මහතා 1996 ලෝක කුසලාන කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙකු වන අතර ඔහු දකුණත් වේග පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළේය.

ඒ මහතා අප සමඟ දුරකථනයෙන් දැක් වූ අදහස් පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 02 February 2021 14:10