April 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වෙන්න සුදුසුම කෙනා ගැන හිටපු සභාපති අසන්ත ද මෙල් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හී තේරීම් කමිටු සභාපති ධූරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කලමණාකාරවරයා මෙන්ම හිටපු තේරීම් කමිටු සභාපතිවරයා වන අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ක්‍රීඩා වාර්තාකරුවෙකු වන ධනුෂ්ක අරවින්ද සමඟ කළ සාකච්ඡාවකදීය.

අසන්ත ද මෙල් මහතා පසුගිය 27 වෙනිදා තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය 27 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්පුටු සාමාජිකයන් හමුවී ශ්‍රී ලංකා ක්‍රිකට්වල වර්තමාන පසුබැසීමට කළ හැකි දේවල් පිළිබඳවද සාකච්ඡා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 12:36