March 29, 2024

“ක්‍රිකට් එදා තිබුණේ පවුලක් වගේ - අද නෝනලා කෑගහ ගන්නවා - ක්‍රීඩකයෝ ගහගන්නවා” - අර්ජුන සිය හඬ අවදි කරයි

ඊයේ (26) පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය පිළිබඳව අදහස් දැක්වීය.

එහිදී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ “වැරැදියට ගන්න එපා මේක..මම තාම හිතනවා, අපි ස්පින් එකටනේ අවුට් වෙන්නේ..මේ එංගලන්තයේ ඉන්න දඟ පන්දු යවන්නෝ දෙන්නා, අරවින්දටයි සන්තටයි දවස් 3-4ක් ට්‍රේන් කළොත් උන්ට මරන්න ගහතැකි..මට තේරෙන දේ.. ” යැයි කියා සිටියේය.

“මමත් මෙච්චර මහත් වෙලා මටත් තවම ගහතැකි කියලා හිතෙනවා.. දැකපු නරකම බෝලර්ලා දෙන්නා..” යැයිද පැවසූ අර්ජුන රණතුංග මහතා පැවැසීය. 

තමන් ක්‍රීඩා කරන කාලේ පිතිකරණ පුහුණුකරුවෝ නොසිටි බවත් සිය කණ්ඩායම විසින්ම පුහුණු වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

“සනත් බැට් කරද්දී මමයි අරවින්දයි පස්සට වෙලා බලාගෙන ඉන්නවා, වට්මෝර් හිටියා හැබැයි ආවේ පස්සේ.. මේක තිබුණේ එදා පවුලක් වගේ.. අද ප්ලේයර්ස්ලා ගහගන්නවා, නෝනලා කෑගහ ගන්නවා..මේකේ විනය ගිහිල්ලා..බැලුවොත් ෆේස්බුක්වල, ට්විටර්වල මේ රටේ ක්‍රිකට් තනිකර බිස්නස් එකක් වෙලා.. අනිත් එක ලොකුම කාලකන්නිකම තමයි මැනේජර්ලා..ඒ කියන්නේ මේ ක්‍රිකට් ටීම් එකේ මැනේජර්ලා නෙමෙයි..ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්න කලමණාකාරවරු..ඒගොල්ලෝ අනිත් කරදරේ..ඒගොල්ලෝ එයාලාගේ ක්‍රීඩකයෝ තල්ලු කරනවා මොනවා හරි කරලා..” යැයිද අර්ජුන රණතුංග මහතා එම වැඩසටහනට එක්වෙමින් පවසා සිටියේය.



Rate this item
(0 votes)