April 19, 2024

ටෙස්ට් තරඟාවලිය දිනු එංගලන්ත කණ්ඩායම අදත් පුහුණුවීම්වල - ශ්‍රී ලංකා කණ්ඩායම?

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඊයේ (25) දිනයේ එංගලන්ත කණ්ඩායම සමත්වීය. ඒ දෙවන ටෙස්ට් තරගයේ තවත් එක් දිනයක් ඉතිරිව තිබියදීය.

එංගලන්ත කණ්ඩායමට ඊළඟ තරඟාවලිය ඉන්දියාව සමඟ චෙන්නායි හිදී ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක සංචාරක එංගලන්ත කණ්ඩායම අද (26) දිනයේ දී සිය පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය දැක ගැනීමට හැකි විය.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ෆේස්බුක් සමාජජාල සමූහයක තරුණයෙකු විසින් පළ කර තිබුණු අතර ඔහු විසින් සඳහන් කර තිබුණේ “England කන්ඩායම අදත් ගාල්ලෙ පුහුණු විම් වල නිරත වෙයි..

ඔබ හිතන ආකාරයට ලංකා කන්ඩායම කුමක් කරනවා ඇත්ද??” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන මාසයේ දී බටහිර කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ T20 තරග 3ක් ක්‍රීඩා කිරීම සඳහා සංචාරය කරනු ඇත.

මේ දිනවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ යෝග්‍යතා පරික්ෂණ පැවැත්වෙන අතර එහිදී ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අත්හැර 08 දෙනෙකුම මෙම පරික්ෂණවලින් අසමත් විය.

තරුණයා විසින් තැබූ ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(1 Vote)