April 25, 2024

"චන්දි ඔබේ විකට්ටුව විසි කරන්න" එංගලන්ත නායක ජෝ රූට්ගේ ඉල්ලීම චන්දිමාල් ඉටු කරයි

"Common chandi throw away your wicket" චන්දි ඔබේ විකට්ටුව විසි කරන්න එසේත් නැත්නම් චන්දි දැවී යන්න යයි එංගලන්ත නායක ජෝ රූට් කළ ඉල්ලීමකට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දැක් වූ ප්‍රතිචාරය පිළිබඳව සටහනක් මුහුණු පොතෙහි දක්නට ලැබේ.

නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත නායකයා පළමු ස්ලිප් ස්ථානයේ සිට චන්දිමාල්ගෙන් එසේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වැඩි වේලාවක් යාමට පෙර චන්දිමාල් ලකුණු 9කට දැවී යන ලදී.

මෙම තරගයෙන් ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්වෙමින් තරගාවලිය 2 - 0 ලෙස පරාජය විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 January 2021 11:51