April 23, 2024

මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් තරඟ දිනා දුන් ලසිත් මාලිංගව මෙවර ක්‍රීඩක වෙන්දේසියට දමයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩා ඉතිහාසය තුළ නොමැකෙන නාමයක් වූ ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2021 වසර සඳහා ක්‍රීඩා වෙන්දේසියට දමා ඇතැයි වාර්තා වෙයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් හිමි කරදුන් ක්‍රීඩකයෙකු වූ ලසිත් මාලිංගව මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දමා තිබීම විශේෂත්වයකි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ වැඩිම කඩුළු ලාභියා වන්නේ ද ලසිත් මාලිංග වන අතර ඉනිම 122ක් තුළ ඔහු කඩුළු 170ක් ව දවාගෙන තිබේ.

මාලිංගගේ හොඳම පන්දු යැවීම ලකුණු 13කට කඩුළු 5ක් දවා ගැනීමයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 21:42