April 24, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගැන යන කතා බොරු - ප්‍රධාන පුහුණුකරු මිකී සිය හඬ අවදි කරයි

ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිනියක් සමඟ ලිංගිකව අශෝභනව හැසිරුණු බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙවැනි කුණු විශ්වාස කරන අය ගැන ලැජ්ජා වන බවත් පවසා සිටි මිකී ආතර් වැඩි දුරටත් විමසා සිටියේ වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පනවා ඇති ජෛව ආරක්ෂක බුබුළක් තුළ මෙවන් ක්‍රියාවක් සිදුවිය හැකි බවට විශ්වාස කරනවාද යන්නයි.

එමෙන්ම මෙය අපකීර්තීමත් වාර්තාකරණයක් ලෙස ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විසින් සඳහන් කර සිටියේය.

ඔහු මේ බව පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙකු කළ විමසීමකට සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි.

ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් විසින් ශ්‍රී ලංකාවේ නවක ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිනියක් සමඟ ලිංගිකව අශෝභනව හැසිරුණු බවට වාර්තා කර තිබුණි.

මිකීගේ ට්විටර් පණිවිඩය පහතින්,

සබැඳි පුවත -

ගාල්ලේ තරගය අතරතුර නිලධාරිනියක් සමඟ ලිංගික හැසිරුණා යැයි කී නවක සුපිරි ක්‍රිකට් තරුව කවුද?

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 20:49