April 24, 2024

ඕස්ට්‍රේලියාව අන්ත ලෙස පරාජයට පත් කළ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට කෝටි 5ක බෝන්ස් හිමි වෙයි

ඕස්ට්‍රේලියාවේ දී පැවැති බෝඩර් - ගවස්කාර් ටෙස්ට් තරඟාවලියෙන් 2-1 ක් ලෙස ඕස්ට්‍රේලියාව පරදවා ඓතිහාසික ජයක් ලැබීමට අද (19) දිනයේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

නවක ක්‍රීඩකයන් රැසක් සමඟ ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතාමත් ඉහළින් අගයා ඇති බවත් ඒ සඳහා ඉන්දීය ක්‍රීඩකයන්ට දැවැන්ත ත්‍යාගයක් ලබා දීමටත් ඔවුන් විසින් තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජයේ ෂා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රසාද දීමනාවක් ලෙස ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලබා දීමට සුදානම් බවයි.

මෙය ඉන්දියාවට ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කර තිබුණු අතර ඉන්දීය ක්‍රීඩකයන් ඉතාමත් ඉහළ කුසලතාවයක් සහ චරිත ලක්ෂණ පෙන්වූ තරඟාවලියක් ලෙසද ඔහු පවසා තිබුණි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන සවුරෝ ගන්ගුලිද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ  මෙම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. 

ඕස්ට්‍රේලියාවට ගොස් මේ ආකාරයෙන් ටෙස්ට් තරගමාලාවක් ජයග්‍රහණය කිරීම ඉතාමත් විශීෂ්ඨ බවද ඔහු සඳහන් කර තිබුණි.

මෙම තරඟාවලිය ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ සදහටම මතකයේ රැඳෙනු ඇති බවටත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 05ක ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කළ බවද ගුන්ගුලි පවසා තිබුණි.‍

Rate this item
(0 votes)