April 25, 2024

ඉන්දියාව ටෙස්ට් ක්‍රිකට් වාර්තා බිඳ දමයි - වසර 32කට පසුව ඕස්ට්‍රේලියාව දණ ගස්සවා දැවැන්ත ජයක් ලබයි

ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඓතිහාසික ජයක් ලැබීමට සංචාරක ඉන්දියානු කණ්ඩායම සමත් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හී ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සිය ආධිපත්‍ය වසර 32ක කාලයක් තබාගෙන සිටි ක්‍රීඩාංගණයක් වන අතර අද (19) ඉන්දියානු කණ්ඩායම එම ආධිපත්‍ය බිඳ හෙලන්නට සමත් වුයේ ක්‍රිකට් වාර්තා සියල්ලම අලුත් කරමිනි.

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟම ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලද ඉන්දියාව ඉදිරියටම පැමිණ ඇත.

ටෙස්ට් තරඟාවලි අතර සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි  ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන ස්ථානයට පත්ව ඇති අතර නවසීලන්ත කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 15:34