April 20, 2024

ඉන්දියාව අසියානු කුසලානයෙන් ඉවත් වෙයි - විකාශකයන්ට දැවැන්ත පාඩුවක්

2020 ආසියානු කුසලානය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය මෙම වසර දක්වා කල් දැමීය. 

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 2021 ජුනි මාසය තරගාවලියට සුදුසු මාසය ලෙස නම් කිරීමට කටයුතු කර තිබුණි.

එසේම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මෙම තරඟාවලිය සඳහා සත්කාරක අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ හුවමාරු කර ගෙන තිබුණි. 

මෙම හුවමාරු කර ගැනීමත් සමඟ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021 ජුනි මාසයේදී නැවත සැලසුම් කරන ලද ආසියානු කුසලාන සඳහා සත්කාරකත්වය සැපයීමට අපේක්ෂා කරන අතර පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් 2022 ආසියානු කුසලානය සඳහා සත්කාරකත්වය සපයනු ඇත.

මේ අතර, ආසියානු කුසලානය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අත්හැර දැමීමටත් එයට සහභාගී නොවීමටත් තීරණය කර තිබේ.

මෙම තීරණය හේතුවෙන් ඉන්දීය විකාශකයන්ට දැවැන්ත පාඩුවක් ද සිදුව ඇතැයි වාර්තා වෙයි. 

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ අනුග්‍රාහකයින් ආසියානු කුසලානය තුළ පමණක් නැරඹිය හැකි ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟවලින් පමණක් විශාල ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කළත් මේ වන විට එය අහිමිවී ඇත.

මේ නිසාම එම තරඟාවලිය විකාශයනය කිරීමට ඉදිරිපත් වූ විකාශකයින්ගේ අලාභයට වන්දි ගෙවීම සඳහා ඉන්දීය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟත්, 2021 අයිසීසී 20- 20 ලෝක කුසලානයට පෙර නවසීලන්තය සමඟත් සහ කොවිඩ් හේතුවෙන් කල් දැමූ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලියන් සංවිධානය කිරීමට අපේක්ෂා කර තිබේ.

Rate this item
(0 votes)