April 24, 2024

ලෝකයේ නොම්මර එකේ ටෙනිස් ශූරයා ඇතුළු ටෙනිස් ක්‍රීඩකයන් 72ක් නිරෝධායනයේ

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය සඳහා ලෝකයේ සිව්දෙසින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72 දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ ඔවුන් සඳහා වෙන් කර ඇති හොටෙල් කාමර තුළ නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන්ව විශේෂිත අධීක්ෂණයක් යටතේ නිරෝධායන ක්‍රියාවලියට ලක් කරමින් ඇති අතර කිසිදු හේතුවක් නිසා ඔවුන්ට සිය හොටෙල් කාමරයෙන් පිටතට පැමිණීමද සීමා කර තිබේ.

මෙම නිරෝධායනය වන පිරිස අතර ලෝකයේ නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩෙජෝකොවික් ද සිටියි.

මේ වන විට ක්‍රීඩකයෙකු ඇතුළු නව දෙනෙකු කොරෝනා වෛරසයට ආසාදනය වී ඇති බවටද සොයාගෙන තිබේ.

ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදීමට අපහසු බවටද චෝදනා කර ඇති අතර සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය කාමර තුළම විවිධ පුහුණුවීම්වලද නිරත සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඕස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය එලැඹෙන පෙබරවාරි මස 08 වැනිදා ආරම්භ වීමට නියමිත තිබේ.

Rate this item
(0 votes)