March 29, 2024

මාස 10ක් සිය රටේ කණ්ඩායම පැමිණෙන තුරු ශ්‍රී ලංකාවේ රැඳි සිටි එංගලන්ත ජාතිකයාට ගෞරවය හිමි වූ අයුරු

ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් තරඟාවලියේ දී එංගලන්ත කණ්ඩායමට ජය පැතීම සඳහා පැමිණි සිටි රොබ් ලුවිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් විසින් සිය කණ්ඩායම වෙනුවෙන් ගෞරවය පුද කර සිටියේය.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර ටෙස්ට් තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හමුවේ එය මෙම වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමුණි. 

රොබ් ලුවිස් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර සිය රටේ කණ්ඩායම නැවත තරඟ සංචාරය සඳහා පැමිණෙන තුරු ඔහු ශ්‍රී ලංකාවේ ම රැඳි සිට ඇත.

මාස 10ක් මෙරට රැඳි සිටි ඔහු ශ්‍රී ලංකා තුළ රැකියා කිහිපයක් ද කර තිබුණි.

අද (18) අවසන් වූ ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමි වූ අතර එම ජයග්‍රහණයෙන් පසුව එංගලන්ත කණ්ඩායමට ජය පැතීමට පැමිණ සිටි රොබ් හට සහ ඔහුගේ අසීමිත කැප කිරීම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායකයා සිය කෘතඥතාවය මෙන්ම ස්තූතියච පුද කර සිටියේය.

මෙහිදී ජෝ රූට් හට පවතින කොරෝනා නිරෝධායන නීති හමුවේ රොබ් ලුවිස් අසලට යෑමට නොහැකි වුවත් සිය දුරකථනයෙන් ඔහු හට ඇමතුමක් ගෙන කතා කළ අතර රොබ් ගාලු කොටුවේ සිට පිටිය දෙස බලා සිය රටේ නායකයා සමඟ පිළිසඳරක යෙදුණේය.

එම අවස්ථාව එංගලන්ත කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ පහත අයුරිනි.

සැබැඳි පුවත -

“මම මාස 10කට වඩා ලංකාවේ හිටියා මැච් එක බලන්න - ඒත් මාව පන්නලා දැම්මා” බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලීයාගේ සංවේදී කතාව

Rate this item
(0 votes)