March 29, 2024

''මම ඇමතිවරුන්ට කේක් ගිහින් දුන්නේ නැහැ" - ශෙහාන් සහ තිසර ගැටුම උණුසුම් වෙයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගත් ශෙහාන් ජයසූරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය තවත් උණුසුම් වී ඇත්තේ තිසර පෙරේරා විසින් කරන ලද ප්‍රකාශයට නැවත වරක් ශෙහාන් ජයසූරිය පිළිතුරු ලබා දීමත් සමඟයි.

ශෙහාන් විසින් ජාතික පුවත්පතක ක්‍රීඩා අතිරේකයක් සඳහා තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න හේතු වූ කරුණු අතර තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ සිටින බවද පවසා තිබුණි.

එයට පිළිතුරු දෙමින් තිසර ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔහු විසින් සඳහන් කර තිබුණේ තමන් විසින් එම ක්‍රීඩකයාගේ නොහොබිනා ක්‍රියාවන්ට විරුද්ධ වූ බවත්, කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපයන් තුළ විනය පවත්වාගෙන යා යුතු බවද තිසර විසින් ප්‍රකාශ කර තිබුණි.

ශෙහාන් ජයසූරිය එම ප්‍රකාශයට නැවත වතාවක් සිය නිල ෆේස්බුක් ගිනුම හරහා පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසයි,

"..තිසර පෙරේරා කියන එක්කෙනා මම ටුවර් යද්දී නම් කැප්ටන් වෙලා ඉදල නෑ.මේ කියන ටුවර් එකේ කැප්ටන් ඇන්ජි අයිය.ඒක නිසා තමයි මාවයි ඇන්ජි අයියවයි

කොටවන්න හැදුවේ.ඇන්ජි අයිය හොඳ හින්දා සහෝදරයෙක් වගේ අද වෙනකල් මට උදව් කලා.මෙයා කියන්නෙ බොරුවක්. මම ටීම් මැනේජර්ගෙන් ඇහුවලු ගර්ල්ව ගෙන්නගන්න.කැප්ටන් කරන්න මෙයා ගොඩක් ආසාවෙන් හිටියේ.

මෙයාලා තමයි බොරුවට ටීම් මැනේජර්ට ඉන්ෆෝම් කලේ මගෙ ගර්ල් රූම් එකේ ඉන්නව කියල. ඒ වගේ චීත්ත වැඩ තමයි සීනියර් කෙනෙක් වෙලත් මෙයා කරන්නේ.

තවද මෙයා සදහන් කරල  තිබ්බ විනය තමයි අංක එක කියල. මම ක්‍රිකට් ගහපු අවුරුදු පහට කිසිම විනය කඩකිරීමකට මාව අවුහෙලා තිබුනෙ නෑ. තවද මම මෙ වෙනකල් ක්‍රීඩා කලේ මගේ දක්ෂතාවය මතබවත් මිනිස්ටර්ලට කේක් ගෙනිහින් නොදුන් බවත් කියනවා.

සහෝදරයා කියල කියල තිබ්බ. මගෙ මූණ බලලවත් කතා කරලවත් නෑ මේ අවුරුදු පහට. මම කියන දේ බොරුවක්  නම් අනික් ක්‍රීඩකයන්ගේන් අහල දැනගන්න පුලුවන්.

මම මේ දේවල් කියන්නෙ මිනිස්සුන්ට දැනගැනීම සදහා බවත් වෙන කිසිදු අරමුණක් මා සතුව නොමැති බවත්

කියා සිටිමි

මම

ශෙහාන් ජයසූරිය.."

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඇති ඍණාත්මක ආකල්ප මෙවන් හේතු නිසා තවත් වැඩිව ඇති බවට ෆේස්බුක් හරහා සිය අදහස් හුවමාරු කරගන්නා මෙරට ක්‍රිකට් ලෝලීන් පවසා සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මේ වන්නේ කුමක්දැයිද ඔවුන් ප්‍රශ්න කර සිටියි.

සැබැඳි පුවත් -

“මට ක්‍රිකට් එපා වුණේ සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ නිසා” - ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගත්ත ශෙහාන් ජයසූරිය කියයි

ශෙහාන් ක්‍රිකට්වලින් සමුගන්න හේතුව වූ 'සුපිරි ක්‍රීඩකයා' වූ තිසර පෙර්රාගෙන් සැර උත්තරයක්

Rate this item
(4 votes)
Last modified on Monday, 18 January 2021 09:58