April 19, 2024

මොයින් අලී නව කොවිඩ් 19 ප්‍රභේදයකුත් අරන් ඇවිත්

කොවිඩ් 19 ආසාදනය වීමේ හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී හට වැළඳී තිබෙන්නේ නව කොවිඩ් 19 ප්‍රභේදයක් බව මෙරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

ඒ බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා විසින් තහවුරු කොට තිබේ.

මෙම නව කොවිඩ් 19 ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ සමාජගත වීම වැලැක්වීමට ගත යුතු සියලුම පියවර මේ වන විට ගෙන තිබෙන බවද හේරත් මහතා අවධාරණය කරයි.

මේ මස 3 වැනිදා එංගලන්ත ජාතික ක්‍රිකට් පිල සමග මෙරටට පැමිණි මොයින් අලී ඊට පසු දින එනම් 4වැනිදා කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා ලදී.

Rate this item
(0 votes)