April 25, 2024

'0' වට හැමදාම දැවී යන කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ ඉන්නේ ඇයි? - ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් කළ විමසීම

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව මේ දිනවල දැඩිව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහකට ලක් වෙමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඍණ ආකල්ප දරන තැනටද මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන අදහස් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් පිටුවේ පළවෙන කමෙන්ට් දෙස බලන විට දැක ගත හැකිය.ෙ

මෙම කතාබහ අතර වැඩි වශයෙන්ම කතා කරන ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය. ඔහු සිය ක්‍රීඩා ආරම්භයේ දී විශිෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ආගමනය සිහි කරමින් ක්‍රීඩා කළත් අද වන විට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලම ක්‍රීඩකයා යැයිද ක්‍රිකට් ලෝලීන් විසින් චෝදනා කරමින් සිටියි‍ෙ

පිට පිට තරඟ 04ක් ම එකදු ලකුණක් ලබා ගැනීමට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගිය අතර මේ වන විටත් ඔහු වැඩිම වාර ගණනක් කිසිදු ලකුණක් ලබා නොගත් මුල්පෙළ පිතිකරුවා ලෙස වාර්තාවක් අභියසද සිටියි

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව විසින් ඔහුව දිගටම කණ්ඩායමේ රඳවාගෙන සිටින්නේ ඇයිදැයි ක්‍රිකට් ලෝලීන් ප්‍රශ්න කරමින් සිටියි.

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කුසල් මෙන්ඩිස් ව දැඩි ලෙස හාස්‍යයට ලක් කරමින් සිටින අතර කුසල් ලබා දෙන අවස්ථාව ජාතික කණ්ඩායමට එමට නොහැකි තවත් දක්ෂයෙකුට ලබා දිය යුතු යැයිද ඔවුන් කියා සිටියි.

තවත් පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ ඔහුව විවේක ගන්වා ඔහුට ලබාදෙන පීඩනය නැති කළ යුතු බවත්, ඔහුට නැවත සාර්ථක වීමට අවස්ථාව ලබා දිය යුතු බවද පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම, වත්මන් ක්‍රීඩකයන්ද කුසල් මෙන්ඩිස් වෙනුවෙන් සිය හඬ අවදි කර තිබුණත් ඔහු දිගින් දිගටම අසාර්ථක වීම නිසා ක්‍රිකට් ලෝලීන් අතර මෙන්ඩිස් ගැන ඍණාත්මක ආකල්පයක් ඇතිව තිබේ.

කුසල් මෙන්ඩිස්ව දිගටම කණ්ඩායමේ රඳවාගෙන සිටින්නේ ඇයිදැයි විමසීම සඳහා ඒෂියන් මිරර් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරී කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වූ අතර වෙනත් සමාජිකයෙකු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියේ මෙම දිනවල පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය හේතුවෙන් කිසිදු තේරී කමිටු සාමාජිකයෙකු සම්බන්ධ කර ගත නොහැකි බවයි.

අප කළ විමසීම පහතින්,

Rate this item
(0 votes)