April 20, 2024

“ඔහු දරා ගන්න බැරි වේදනාවකින් හිටියේ” - අශ්වින්ගේ බිරිඳ සිය සැමියාගේ අසීමිත කැප කිරීම ගැන කියයි

ඕස්ට්‍රේලියාව සමඟ පැවැති ටෙස්ට් තරඟාවලියේ අද නිමා වූ 03 වෙනි තරඟය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

එහිදී කැපී පෙනෙන ඉනිම් දෙකක් ක්‍රීඩා කළ රවිචන්ද්‍රන් අශ්වින් සහ හනුමා විහාරි බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

එහිදී රවිචන්ද්‍රන් අශ්වින් අබාධයකට ලක්ව සිටියත් සිය කණ්ඩායම ගෞරවාන්විත ඉලක්කයක් කරා ගෙන යෑමට සමත් වන්නේ පන්දු 128කට මුහුණ දී ලකුණු 39ක් නොදැවී ලබා ගැනීමත් සමඟයි.

මෙහිදී අශ්වින්ගේ බිරිඳ වන ප්‍රිතී අශ්වින් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය සැමියාගේ අසිමීත කැප කිරීම පිළිබඳව සටහන් කර තිබුණි.

එහිදී ඇය කියා තිබුණේ ඔහු තරඟයට පෙර රාත්‍රීයේ නින්දට ගියේ දැඩි කොන්දේ අමාරුවක් සමඟ බවයි. 

ඔහු උදසෑන අවදි වන අවස්ථාවේ ඔහුට කෙළින් සිට ගැනීමටත් නොහැකි වූ බවද ඇය කියා තිබුණි.

ඔහුට සිය සපත්තු ලේස් දෙක පවා දමා ගැනීමට නොහැකිව සිටියත් අද (11) දිනයේ ක්‍රීඩා කළ විලාසය පිළිබඳව තමන්ද පුදුමයට පත් වන බව ඇය කියා තිබුණි.

ප්‍රිතී අශ්වින් තැබූ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)