April 20, 2024

එයාට දැන් කියන්නේ "බිංදුසාර"

මේ දිනවල නිරන්තරයෙන් ම උසුළු විසුළු වලට ලක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විසින් "බිංදුසාර" යන නමින් ආමන්ත්‍රණය කරන බව අනාවරණය වී තිබේ.

දිගින් දිගටම අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් හා තේරීම් කමිටුවේ ආශිර්වාදය මැද කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් පිළිබඳව ජාතික කණ්ඩායම තුළ ද අප්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබෙන බව ද දැනගන්නට තිබේ.

නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී පැවති ටෙස්ට් තරග 2 අවසන් ඉනිම තුනේදි එක ලකුණක්වත් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස්ට නොහැකි වූ අතර ඔහු ගෙවුන වසර දෙක තුළ සහභාගි වූ ටෙස්ට් තරඟ දොළහේදී ලබාගෙන තිබෙන්නේ ලකුණු 543 කි.

එම ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 218 ක් ද ලබාගෙන තිබෙන්නේ ඉතා දුර්වලකණ්ඩායමක් වූ සිබ්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2021 13:45