April 19, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙනියන්න නායක දිමුත් ශතකය වාර්තා කර තිබුණේ වේදනා නාශක බීලා

දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට අන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 07 දෙනෙකුද මෙම තරඟාවලිය අතර ආබාධයට ලක් වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

දෙවනි තරගයේ 03 දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලක පන්දුව වැදීම නිසා ඔහු අබාධ තත්ත්වකට මුහුණ දී සිට ඇත.

නමුත් දිමුත් විසින් වේදනා නාශක පානය කරමින් තරගය ජයග්‍රහණය කර ගැනීම සඳහා පිතිකරණයේ නිරත වූ අතර ඔහු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් අගනා ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් විය.

නමුත් ඔහුගේ එම ශතකයට අනිකුත් ක්‍රීඩකයන්ගෙන් සහායක් නොලැබීම මත ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුළු 10ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

දිමුත් කරුණාරත්න විසින් දකුනු අප්‍රිකානු දෙවැනි ඉනිමේ දී පන්දු රැකීම සඳහා පිටියට නොපැමිණි අතර කණ්ඩායම මෙහෙය වීම නිරෝෂන් දික්වැල්ල හට ලබා දී තිබුණි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් විසින් දිමුත්ගේ සෞඛ්‍ය වාර්තාව පැමිණෙන තුරු බලා සිටින බවත් සඳහන් වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 January 2021 11:54