April 24, 2024

මෙරට ටෙස්ට් තරඟාවලියට පැමිණි එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයාටත් කොරෝනා

පසුගිය ඉරිදා (03) දිනයේ දී තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණියේය.

මෙහිදී සියලු ක්‍රීඩකයන් හට ඇන්ටිජෙන් පරික්ෂාව කර ඇති අතර එහිදී බොහෝ සියලුම ක්‍රීඩකයන් එම වෛසරයෙන් තොර බවට තහවුරු වී තිබුණි.

නමුත් වැඩිදුර පරික්ෂාව සඳහා PCR පරික්ෂණය ද කර තිබුණු අතර එහිදී එංගලන්ත කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොයින් අලී කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු කරගෙන තිබේ.

මෙරට කොරෝනා නීතිය අනුව මොයින් අලීව මේ වන විටත් හුදකලා කොට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙයි.

එංගලන්ත කණ්ඩායම මේ වන විට හම්බන්තොට රැඳී සිටින බව සඳහන් වන අතර අද (05) දිනයේ දී ඔවුන් ගාල්ල වෙත පැමිණීමට නියමිත බව සඳහන් වෙයි.

මොයින් අලී ව කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා කර ඇති අතර ඔහුට ගාල්ලෙන් වෙනම නවාතැන් ගත හැකි පහසුකම් සපයන බවද එම ස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ක්‍රිස් වෝක්ස් ද කොරෝනා ආසාදිත පුද්ගලයෙකු සමඟ ළඟින් ඇසුරු කර ඇති බවට වාර්තා වන අතර ඔහුද මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසා සිටියි.

Rate this item
(0 votes)