April 16, 2024

“මම දන්නවා වැඩ කරන්න ඕන විදිහ” - ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසාර්ථකත්වය ගැන චෝදනාවලට මිකීගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හට නව චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

ඒ ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය සඳහා පුහුණු නොකර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා යන චෝදනාවයි.

මිකී මෙම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ තමන් එදා හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රැඳී සිටියේ ටෙස්ට් තරඟාවලිය සඳහා පුහුණු වීමට සිටියේ ක්‍රීඩකයන් තිදෙනෙකු වීම නිසා බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඉදිරිපත් නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ සන්තුෂ් ගුණතිලක පමණක් කොළඹ පැවැති පුහුණු සැසිවාරයන් සඳහා එක්ව සිටි බවට සඳහන් වෙයි.

සියලුම ක්‍රීඩකයන් හම්බන්තොට සිටි නිසා තමනුත් හම්බන්තොට ගිය බවත් ප්‍රධාන පුහුණුකරුවා ලෙස ක්‍රීඩකයන් තරඟ කරන ආකාරය බැලීමට එසේ යාම වරදක් නොවන බවද ඔහු සඳහන් කර තිබුණි.

එමෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි නවක ක්‍රීඩකයන්ද එම තරඟාවලියේ දී දස්කම් දක්වන බවද මිකී පවසා සිටියේය.

"මම දන්නවා වැඩ කරන්න ඕන විදිහ..ඒ වගේම මම ඒකට ගරු කරනවා.." යැයිද මිකී පවසා තිබුණි.

මේ වන විටත් අබාධායන්ට ලක් වූ ක්‍රීඩකයන්ව වෛද්‍ය අධික්ෂණයට ලක් කරන බවත්, ඉතිරි ක්‍රීඩකයන් සිය පුහුණු වීම කටයුතු කරගෙන යන බවත් මිකී සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ දී පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා විය.

Rate this item
(1 Vote)