April 18, 2024

“මම ෆේල් වෙනවට බය නැහැ” - ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් කියන කතාව

මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව මෙරට ක්‍රීඩා වෙබ් අඩවියකට ඊයේ (03) දිනයේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කියා සිටියේ තමන් ක්‍රීඩා කරන ආකාරයටම අනිකුත් ක්‍රීඩකයන් 10 දෙනා ක්‍රීඩා නොකරන බවයි.

ඔහු එහිදී අදහස් දක්වමින් කියා"එක එක්කෙනාට ගහන විදිහ වෙනස්" යනුවෙනි. එමෙන්ම තමන් දන්නා දේ එකිනෙකා අතර බෙදා ගැනීම වැදගත් බවද කුසල් ප්‍රකාශ කර සිටියේය.

හැමෝම පන්දුවට තමන්ගේ ශක්තියෙන් පහර දෙන විට සැලැසුමක් සකස් කර ගැනීම වැදගත් බවද කුසල් පවසා සිටියේය.

"වෙන කෙනෙක් මෙහෙම ගැහුවා කියලා මට එහෙම ගහන්නත් බැහැ - මම මෙහෙම ගැහුවා කියලා වෙන කෙනෙක්ට එහෙම ගහන්නත් බැහැ" යනුවෙන්ද කුසල් සඳහන් කළේය.

"මම ෆේල් වුණාට මම බය නැහැ, මම මගේ ස්ත්‍රෙන්ත් එකට ගහනවා - මගේ ස්ත්‍රෙන්ත් එකට ගහන්න බැරුව ෆේල් වුණොත් තමයි මට අවුලක් තියෙන්නේ.." යනුවෙන්ද කුසල් සඳහන් කර සිටියේය.

අනිත් ක්‍රීඩකයන්ද තමන්ගේ ශක්තියෙන් ක්‍රීඩා කරන එක තමයි වැදගත් වන බවත්, තවත් කෙනෙක් අනුගමනය කරමින් ක්‍රීඩා කිරීමට නොහැකි බවත් කුසල් සඳහන් කර සිටියේය.

කුසල් සහභාගී වූ එම සම්පුර්ණ සාකච්ඡාව පහතින්,

Rate this item
(0 votes)