April 19, 2024

ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතර නිරෝධායන නීති කැඩූ ඉන්දීය ක්‍රීඩකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට

සමාජජාල තුළ සංසරණය වන වීඩියෝවක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් 05 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමුවීමට සිදුව තිබේ.

රෝහිත් ශර්මා, රිශාබ් පාන්ට්, ශූබ්මන් ගිල්, පෘථිවි ෂා සහ නව්දීප් සානි යනු මෙම ක්‍රීඩකයන් 05 දෙනා වේ.

මොවුන් පිරිස එක්ව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අවන්හලක ආහාර ගනිමින් සිටින වීඩියෝවක් මෙලෙස සමාජජාල තුළ සංසරණය වී තිබුණි.

ඔවුන් පස්දෙනා මේ වන විට අනිකුත් සියලු ක්‍රීඩකයන්ගෙන් වෙන් කොට තබා ඇති බවද සඳහන් වෙයි.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරඟ සංවිධානකරුවන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහ අනිකුත් නීතින් ඔවුන් විසින් උල්ලංඝනය කර ඇද්දැයි මෙහිදී පරික්ෂාවට ලක් කෙරේ.

ක්‍රීඩකයන් පස්දෙනා විසින් ආහාර ගන්නා අවස්ථාව දැක්වෙන ඡායාරූපය පහතින්,

Rate this item
(0 votes)