April 20, 2024

වසර 25කට පසුවත් ඩැරල් හෙයාර් තම තීරණය වෙනස් නොකරයි : "මට ඒකට ඉඩ දෙන්න බැහැ - මම කළේ මගේ රාජකාරිය" - මුරලිගේ නෝ බෝල් ගැන දැන් කියන කතාව

December 28, 2020

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම ආන්දෝලනයකට මුහුණ දුන් සිදුවීමක් වන මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීම ඉරියව්ව සම්බන්ධයෙන් ඩැරල් හෙයාර් විසින් ලබා දුන් තීරණය ගැන ඔහු විසින් වසර 25කට පසුව හෙළිදරව්වක් කර තිබේ.

ඔහු විසින් විදෙස් වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ හෙළිදරව්ව කර තිබේ.

එහිදී ඩැරල් හෙයාර් විසින් පවසා තිබුණේ තමන් විසින් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසනවා යැයි කීමට අසමත් වූවා නම් 'තමන් තමන්ගේ රාජකාරිය පැහැර හැරීමට කටයුතු කළා' වනු ඇති බවයි.

1995 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ MCG ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරඟාවලියේ දී ඩැරල් හෙයාර් විසින් මුත්තයියා මුරලිදරන් විසින් පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් මුරලි යැවූ පන්දු 07ක් නිපන්දු ලෙස නම් කළේය.

ඩැරල් හෙයාර් විසින් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ එම තීරණය සමහර විට දැඩී තීරණයක් ලෙස කෙනෙකුට සිතුනත්, එම නීති විරෝධී පන්දු හමුවේ කඩුළු 6-7ක් දැවී ගිය නම් තමන්ට තමන්ගේ රාජකාරිය හරිහැටි ඉෂ්ට කිරීමට නොහැකි වුවා යැයි තමන්ට සිතෙනු ඇති බවට පවසා සිටියේය.

තමන් එම පන්දු යැවීමට ඉඩ දුන්නහොත් තමන් ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස තමන්ගේ රාජකාරිය හරි හැටි ඉටු නොකළ බවත් තමන්ට හැඟෙනු ඇති බවටද ඩැරල් හෙයාර් විසින් පවසා සිටියේය.

ක්‍රිකට් පිටියේ ක්‍රිකට් නීති බලාත්මක කිරීමේ බලය පිටියේ විනිසුරුවන්ට පැවරෙන අතර ඩැරල් හෙයාර් අවධාරණය කර සිටියේ තමන් විනිසුරු නම් නීති විරෝධී පන්දු හමුවේ මුරලිට කඩුුළු ලබා ගැනීමට ඉඩ ලබා ගැනීමට ඉඩ නොදෙන බවයි.

එම තරඟාවලිය තුළදී මුරලි පන්දුවාර 38ක් ක්‍රියාත්මක කළ අතර ඔහුට එම පන්දුවාර තුළ ලකුණු 124කට එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට හැකි විය.

තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවිය.

ඩැරල් මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සඳහන් කරමින් පවසා සිටියේ පන්දු යවන්නාගේ අන්තයේ සිට බලන විට පන්දු යවන්නාගේ පන්දු යැවීමේ ඉරියව්ව හොඳින් නිරික්ෂණය කළ හැකි බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එකළ බොහෝ මතවාදයන් ඉදිරිපත් වූ අතර ඩැරල් හෙයාර්ට අමතරව රෝස් එමර්සන් නම් විනිසුරුවරයා විසින්ද මුරලිට පන්දුව දමා ගසනවා යැයි චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී නොවන බවට පසුව තහවුරු වූ අතර මුරලි ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ කඩුළු 800ක් ලබා ගන්නේ එතෙක් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිවෙකුටත් සම කළ නොහැකි වාර්තාවක් ද තබමිනි.

Rate this item
(0 votes)