April 23, 2024

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඊළඟ පරාජයෙන් ගලවගන්න හදිස්සියේම රාහුල් ඩ්‍රාවිඩ්ව ඕස්ට්‍රේලියාවට පිටත් කරයිද?

December 21, 2020

පසුගිය සෙනසුරාදා (19) ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාව කඩුලු 8 ක පරාජයක් ලැබීමත් සමඟ ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් සහ ප්‍රේක්ෂකයන් අතර මතවාදාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු ප්‍රධාන තේරීම් කාරක හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිලිප් වෙන්ග්සාර්කර් විසින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) වෙත පවසා තිබුණේ රාහුල් ඩ්‍රාව්ඩ් වැනි පිතිකරණ විශේෂඥයෙකු වාහම ඉන්දියානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාරීත්වය සඳහා ඕස්ට්‍රේලියාවට පිටත් කළ යුතුව ඇති බවයි.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගේ පන්දුවල චලනයන් තේරුම් ගැනීම සහ ඒවාට පහර දීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය බව පවසන හිටපු ප්‍රධාන තේරීම් කාරකවරයා විසින් පවසා සිටියේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා රාහුල් ඩ්‍රාව්ඩි බවයි.

Rate this item
(0 votes)