April 24, 2024

“කියාගන්න බැරි තරම් දුකයි - කොහොමද මම කියන්නේ”- අන්ත පරාජයකින් පසුව ඉන්දියානු නායකයා කිව්ව කතාව

December 20, 2020

ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය අන්ත පරාජයකට පත් වීමෙන් පසුව විරාට් කෝලි ඉන්දීය මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබුණි.

ඔහු එහිදී කියා තිබුණේ එය දැඩි වේදනාකාරී බවත් එය පැවසීමට වචන නොමැති බවත් පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අවස්ථාවේ හැඟීම් වචනවලින් පැවසීම ඉතාම අපහසු බවයි. තම කණ්ඩායම ලකුණු 60ක් ඉදිරියෙන් සිටි බවත්, නමුත් එය රැක ගැනීමට නොහැකි වූ බවත් විරාට් පවසා තිබුණි.

දින 02ක් තිස්සේ ගොඩ නඟා ගත් ක්‍රීඩාකාරීත්වය එක් පැයක් තුළ බිඳ වැටුණු බවද ඔහු සඳහන් කළේය.

පිතිකරණයේ යෙදීමට තරම් කිසිදු අභිප්‍රායක් කිසිවෙකු තුළ නොතිබෙන්නට ඇති බවටද ඉන්දියානු නායකයා පැවසීය. එය වහාම නැවත වෙනස් කර ගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

පන්දු යවන්නන් සිය කාර්ය භාරය හොඳින් ඉටු කළ බව කී විරාට් කෝලි තවදුරටත් පවසා සිටියේ තම කණ්ඩායමේ මානසිකත්වය වී තිබුණේ ලකුණු ලබා ගැනීම බවයි. 

කණ්ඩායමේ අරමුණ වෙනුවෙන් මීට වඩා කැපවීමක් කළ යුතු බව පවසන විරාට් කෝලි වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි තරඟයන් විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කළ යුතු බවත් ඊළඟ දිනයේ දී එම තරගයට හොඳින් ක්‍රීඩා කරන බවත්ය.

Rate this item
(0 votes)