April 25, 2024

ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල දවා ගන්න තිසර සහ සුරංග කරපු දේ හරිද? වැරදීද? - ඉතිහාස සිදුවීම් එක්ක සමාජ මාධ්‍යවලින් ඇසෙන කතා

December 18, 2020

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරගය පසුගිය 16 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

එහිදී ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රථම කුසලානය සඳහා තරඟ වැදුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි.

මෙම තරඟාවලිය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වී අවස්ථාවක් ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ දැවී යාම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුම් කතාබහක් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ලෝලීන් අතර දැකගත හැකි විය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිල ෆේස්බුක් පිටුවේ ධනුෂ්කගේ දැවී යාම දැක්වෙන ඡායාරූපය පළ කරමින් සටහන් කර තිබුණේ 'තරඟයේ හැරවුම් ලක්ෂය' යනුවෙනි. බොහෝ ක්‍රිකට් ලෝලීන් පිරිසක් විවිධ අදහස් පළ කර තිබුණී. 

(Sri Lanka Cricket හී පළ වී තිබූ ඡායාරූපය)

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලකව දුවද්දී දැවී යාමකට හසු කරගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වූ අතර එහිදී එම දැවී යාම සිදු වු ආකාරය ගැන බොහෝ දෙනාගේ අප්‍රසාදය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙත එල්ල වී තිබුණි.

මෙම දවා ගැනීම සිදු වුයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ 02 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ය.

පන්දුවට පහර දෙමින් සිටි ධනුෂ්ක ගුණතිලකගේ පාදයේ වැදෙන පන්දුවක් කඩුල්ල මුවා කිරීමේ වරද වෙනුවෙන් සුරංග ලක්මාල් ඉල්ලීමක් කරන අවස්ථාවේ එම පන්දුවට ඉක්මණ් ලකුණක් ලබා ගැනීමට ගිය ධනුෂ්ක ගුණතිලක සුරංග ලක්මාල්ගේ ඇඟේ ගැටෙන අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඒ අවස්ථාවේම ධනුෂ්කව දුවද්දී දැවී යාමටකට හසුකර ගැනීමට සමත් විය.

බොහෝ ක්‍රීඩා ලෝලීන් මෙම සිදුවීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට උචිත නොවන බව ප්‍රකාශ කර සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ කර තිබුණි. 

මෙම දවා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ තිසර පෙරේරා විසින් සිදු කළ අතර බොහෝ ක්‍රීඩා ලෝලීන් ප්‍රකාශ කර තිබුණේ එය මහත්වරුන්ගේ ක්‍රීඩාවට උචිත නොවන බවයි.

ධනුෂ්කගේ දැවී යාම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත උදුරා ගත් බවට ප්‍රේක්ෂයන් විසින් අදහස් පළ කර ඇති අතර එම දැවී යාම වන අවස්ථාවේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පවා සතුටු වන ආකාරය දැක ගත හැකි විය.

මෙහිදී ක්‍රිකට් ලෝලීන් විසින් 2009 වසරේ දී ICC ශූරතා කුසලානය අවස්ථාවේ ඇන්ජෙලෝ මැතිව්ස් මෙවන් අවස්ථාවකට මුහුණ දුන් සිදුවීමත් ගෙන හැර දක්වා තිබුණි.

2009 වසරේ දී ICC ශූරතා කුසලානය අවස්ථාවේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යාම සහ එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ප්‍රතිචාරය

2009 වසරේ දී පැවැති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශූරතා කුසලාන තරඟාවලිය අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉක්මණ් ලකුණු 02ක් ලබා ගැනීම සඳහා පැති හවුමාරු කර ගැනීමට උත්සාහ කිරීමේදී පන්දු යවමින් ක්‍රීඩක ග්‍රැහැම් ඔනියන්ස්ගේ ඇඟ ගැටෙන අතර ඒ සැණින් මැතිව්ස්ව දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට එංගලන්ත කණ්ඩායම කටයුතු කළේය.

නමුත් එම දවා ගැනීම ඉවත දැමූ එකළ එංගලන්ත ක්‍රිකට් නායකයා වන ඇන්ඩෲ ස්ට්‍රෝස් විසින් ඇන්ජලෝ මැතිව්ස් ව නැවත ක්‍රීඩා පිටියට කැඳ වීමට තීරණය කළේය.

ධනුෂ්ක ගුණතිකලකගේ දැවී යාමත් මෙම සිදුවීමට සමාන බව පවසමින් බොහෝ ක්‍රිකට් ලෝලීන් විසින් තිසර සහ සුරංග ලක්මාල් එවන් සිදුවීමක් නොකළ යුතු බවට ප්‍රකාශ කර තිබුණි.

ක්‍රිකට් ඉතිහාසය පුරාවට මෙවන් දවා ගැනීම් බොහෝ ප්‍රමාණයක් සිදුව ඇති බව මුලාශ්‍රයන්වල වාර්තා වන අතර මෙහි අවසාන තීරණය බොහෝ අවස්ථාවල පන්දු රකින කණ්ඩායමේ නායකයා සතුව ඇත.

Rate this item
(0 votes)