March 29, 2024

දඹුල්ල පරදා යාපනය ජය ලබයි - 16 වෙනිදට ගාල්ල සමඟ යාපනය LPL ශූරතා සටනේ

December 15, 2020

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (14) දී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේ ජයග්‍රහණය ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ලකුණු 37කින් පරාජයට පත් කිරීමෙන් අනතුරුවයි.

ඉතාමත් උණුසුම් තරගයක් පළමු ඉනිමේදී සිටම ක්‍රියාත්මක වූ අතර කණ්ඩායම දෙකම ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවීමේ සහ කඩුළු රැකිමේ නිරතව සිටි ආකාරය දැක ගැනීමට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 165ක් රැස් කරගැනීමට සමත් විය.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ජොනතන් චාර්ල්ස් පන්දු 56කදී ලකුණු 76ක් රැස් කරගත්තේ 04 පහර 10ක් සහ එක් 06 පහරක් සමඟිනි.

පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුළු 2ක් දවා ගැනීමට සමත්විය.

පන්දු රැකීම සහ පන්දු යැවීමෙන් ඉහළ දස්කම් දැක්වූ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පන්දුවට පහර දීමේදී තරමක් අසීරුතාවයකට ලක් වුයේ මුල් පෙළ කඩුළු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමඟයි.

ඒ අනුව දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

එම කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග පන්දු 39කදී ලකුණු 33ක් රැස් කරගත්තේ 04 පහර 5ක්ද සමඟිනි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 4ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 15කට කඩුළු 3ක් බිඳ හෙලීමට සමත්විය.

එළැඹෙන 16 වෙනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරගය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)