March 29, 2024

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය උණුසුම් වෙයි : පාකිස්ථාන - ඇෆ්ගන් ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුවක්

December 01, 2020

ඊයේ (30) දිනයේ පැවැති කුසල් ජනිත් පෙරේරා නායකත්වය කැන්ඩි ටස්කර්ස් සහ ශයිඩ් අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දෙක අතර තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හැකිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 196ක් රැස් කරගැනීමට සමත්විය.

එහිදි බ්‍රෙන්ඩන් ට්‍රේලර් ලකුණු 51ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් ද රැස් කර ගත්තේය. පන්දු යැවීමේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් කඩුළු 02ක් ද දවා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කර ගැනීමට හැකි වුයේ කඩුළු 07ක් දැවී ලකුණු 171ක් පමණයි.

එහිදී හුදකලා සටනක නිරත වූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 82ක් රැස් කර ගත්තේ ය. මෙය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අඛණ්ඩව ලැබූ 03 වන පරාජය වීමද විශේෂත්වයකි.

තරගයේ අවසානයේ ක්‍රීඩකයන් ජය පරාජය බෙදා ගනිමින් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන නවීන් උල් හක් සහ පාකිස්ථානය නියෝජනය කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් අමීර් අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිිස් සහ සීකුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් එක්ව එය සමතයකට පත් කිරීමට කටයුතු කළේය.

නමුත් නැවත වරක් ක්‍රිඩකයන් එකිනෙකාට ආචාරය කරගන්නා අවස්ථාවේ ශයිඩ් අෆ්රිඩි සියලු ක්‍රීඩකයන්ට සිනාසෙමින් සිය ආචාරය පුද කළත් නවීන්ට ආචාර කරන අවස්ථාවේ තරමක් ක්‍රෝධයෙන් සිටින බව දැකගත හැකිවිය.

එම අවස්ථාවේ හිටපු පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද වූ ශයිඩ් අෆ්රිඩි විසින් නවීන් උල් හක් හට ඉතාමත් සැරෙන් "මොකක්ද වුණේ?" යැයි ඇසූ බව සඳහන් වන අතර එය සජීවි රූපරාමුවල දැක ගත හැකි විය.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයාද එයට පිළිතුරු ලබා දෙනු දකින්නට ලැබුණි.

මෙම සිදුවීම දෙස් විදෙස් බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට යොමුව තිබෙනු සමාජ ජාල තුළ සැරිසරන්නෙකුට දැක ගැනීමටද හැකිය.

Rate this item
(2 votes)