April 19, 2024

ලංකා ප්‍රිමියර් ලීග් තරගය අතර ශායිඩ් අෆ්රිඩ් පන්දුව නොරැක්ක ලංකාවේ ක්‍රීඩකයාට කෑගසයි

November 29, 2020

ඊයේ (29) දිනයේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉතාමත් තියුණු තරඟ දෙකක් පැවැත් වුණි.

කොලොම්ඹු කින්ග්ස් (Colombo Kings) සහ ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) අතර තරඟය වර්ෂාව ඇද හැලීම හේතුවෙන් පන්දුවාර 20 පන්දුවාර 05කට සීමා විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොලොම්ඹු කින්ග්ස් කණ්ඩායම ප්‍රබල පිතිහරඹයක නිරත වූ අතර 20-20 තරගයක් තුළ පන්දුවාර 05ක් තුළ ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව තමන්ගේ නමින් සටහන් කර ගැනීමට සමත් විය.

එහිදී පන්දුවාර 05 තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 96ක් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර ඇන්ඩ්‍රි රසල් විසින් අති ප්‍රබල පිතිහරඹයක් දියත් කළ අතර ඔහු පන්දු 19ක් තුළ ලකුණු 65ක් රැස් කරගත්තේ 04 පහර 09ක් සහ 06 පහර 4ක් සමඟිනි.

ගාලු කණ්ඩායමේ නායකයා වූ පාකිස්ථාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි 05 වෙනි පන්දුවාර ක්‍රියාත්මක කරන අවස්ථාවේ රසල් විසින් උඩ පන්දුවක් ලබා දෙන අතර පිටිය රකිමින් සිටි ශෙහාන් ජයසූරිය විසින් එම උඩ පන්දුව අත්හැරියේය. එය ලකුණු 04ක් බවට පත් විය.

එයට තරමක් තරහා ගිය ශයිඩ් පන්දුව නොරැක්කට ශෙහාන්ට කෑගසන ආකාරය දැකගත හැකි විය.

එම පන්දුවෙන් පසු පන්දුවට රසල් විසින් 06 පහරක් එල්ල කළේය.

Rate this item
(5 votes)
Last modified on Sunday, 29 November 2020 08:39