April 20, 2024

අවසාන දිනය කිහිපයෙත් පුංචි දියණියක් සතුටු කළ මැරඩෝනා - අවසාන සංවේදී වීඩියෝව මෙන්න

November 29, 2020

ආජන්ටිනා ජාතික ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා සිය ජීවිතයේ අවසන් දින කිහිපයේ ඔහුගේ නම කියා කෑ ගසූ පුංචි පාපන්දු රසිකාවියකට අත වනා ආචාරය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාතික මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මැරඩෝනා ජීවත්ව සිටියදී ලබා ගත් අවසාන වීඩියෝ සටහන මෙය බවටද මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම වීඩියෝ පටයේදී 60 හැවිරිදි මැරඩෝනා තම දෙපැත්තේ සිටින පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ උරහිස මත තම අත තබාගෙන අමාරුවෙන් ඇවිදින අයුරු දැකගත හැකිය.

ඉතාමත් දැඩි අපහසුතාවයකින් සිටියද තමන්ගේ නම කියා කෑගසූ පුංචි දැරියට සිය ආචාරය පුද කරන්නට ඩියාගෝ මැරඩෝනා උත්සාහ කරන ආකාරය මෙම වීඩියෝ පටයේ සටහන්ව තිබූ අතර ලෝකය පුරා බොහෝ පාපන්දු ලෝලීන් මෙම දර්ශනය හමුවේ සංවේදී වී ඇති බවද වාර්තා වෙයි.

එම වීඩියෝ සටහන පහතින්,

සබැඳි පුවත් -

ලෝක පූජීත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ජීවිතයට සමුදෙයි

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 07:24