March 29, 2024

අවිශ්කගේ සුපිරි පිතිහරඹයත් සමඟින් ගාල්ල පරදවා යාපනය කණ්ඩායමට විශිෂ්ට ජයක්

November 28, 2020

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (27) දිනයේ දී 02 වෙනි තරඟය පැවැත්වූ අතර එහිදී තරඟ වැදුණේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩ් නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) සහ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන් (Jaffna Stallions) යන කණ්ඩායම් දෙකයි.

මෙම තරගයත් පැවැත් වුණේ මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මුල් පන්දුවාර කිහිපය තුළ මන්දගාමී ලෙස ක්‍රීඩා කළත් අවසන් පන්දුවාර කිහිපය තුළ ප්‍රබල පිතිහරඹයක නිරත විය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන්,

ශයිඩ් අෆ්රිඩි (නායක) ලකුණු 58 (23) 06 පහර 06යි 04 පහර 03යි
ධනුෂ්ක ගුණතිලක  ලකුණු 38 (30) 04 පහර 07යි
අසාම් ඛාන් ලකුණු 20 (18) 06 පහර 01යි
භානුක රාජපක්ෂ  ලකුණු 21 (20) 04 පහර 03යි

පන්දු යැවීමේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන්

තිසර පෙරේරා (නායක)  පන්දුවාර 04යි කඩුළු 01යි ලකුණු 30යි
වනිදු හසරංග  පන්දුවාර 04යි කඩුළු 02යි ලකුණු 12යි
ඩුවාන් ඔලිවියර්  පන්දුවාර 04යි කඩුළු 04යි ලකුණු 44යි


ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබා ගැනීමට හැකි වුණේ පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 175ක් පමණයි. 

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණු 176ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර එම කණ්ඩායම පන්දුවා 19යි පන්දු 03ක් අවසානයේ කඩුළු 02ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේය.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන්,

අවිශ්ක ප්‍රනාන්දු (නොදැවී) ලකුණු 97 (63) 06 පහර 07යි 04 පහර 05යි
ෂොයිබ් මලික් (නොදැවී) ලකුණු 27 (31) 04 පහර 01යි

පන්දු යැවීමේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන්,

මොහොමඩ් අමීර් පන්දුවාර 04යි කඩුළු 01යි ලකුණු 29යි
මොහොමඩ් ෂිරාෆ් පන්දුවාර 04යි කඩුළු 01යි ලකුණු 38යි
Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 10:50