March 28, 2024

එංගලන්තයේ ක්‍රිකට් බංකොලොත් - ජාතික පිලේ 7ක්ම විදේශිකයෝ

November 28, 2020

ඊයේ (27) දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර දකුණු අප්‍රිකාවේ පැවති T-20 තරඟය සඳහා සහභාගී වූ එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් 7 දෙනෙකුම විදේශ රටවල උපන් අය වීම කැපී පෙනෙන කරුණකි.

මෙම තරඟයේ දී එංගලන්ත පිල නියෝජනය කළ ජෝෆ්රා ආචර්, ක්‍රිශ්‍ ජෝර්දාන් බටහිර ඉන්දීය කොදෙව්වෙත්, ඩේවිඩ් මලාන් හා ජේසන් රෝයි දකුණු අප්‍රිකාවෙත් කෙවින් කරන් සිම්බාබ්වෙත්,ඉයෝයින් මෝර්ගන් අයර්ලන්තයේත්,බෙන්ස් ස්ටෝර්ක් නවසිලන්තයේත් උපන් ක්‍රීඩකයන් වේ.

එංගලන්ත කණ්ඩායමේ නායක මෝගන් හා උපනායක ස්ටෝර්ක් ඒ අතර සිටීම විශේෂත්වයකි.

මෙම තරගයට ක්‍රීඩා කළ ජෝස් බට්ලර්, ජොනි බෙයර්ස්ටෝ, මුස්ලිම් සම්භවයක් ඇති අඩිල් රෂිඩ් හා කෙවින් කරන්ගේ සොහොයුරු සෑම් කරන් එංගලන්තයේ උපන් ක්‍රීඩකයන් වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 10:41