March 29, 2024

ලෝක පූජීත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ජීවිතයට සමුදෙයි

November 25, 2020

ලෝක පාපන්දු ප්‍රේක්ෂකාගාරයට අද (25) දිනය කණගාටුදායකම දිනයක් බවට පත් කරමින් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයෙකු මෙන්ම වර්ෂ 1986 දී දැඩි උණුසුම්කාරී තරගයකින් පසුව ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා දුන් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ජීවිතයෙන් සමුගත්තේය.

වර්ෂ 1960 ඔක්තොම්බර් 30 වෙනිදා ඩියාගෝ ආර්මන්ඩෝ මැරඩෝනා නමින් ආජන්ටිනාවේ දී උපත ලැබීය. 

පාපන්දුව සමඟ බැඳීමක් ඇති පවුලක උපත ලද ඔහු වයස අවුරුදු 12 පමණ විට පාපන්දු ක්‍රීඩාවට එක්වන අතර ආජන්ටිනා ජාතික කණ්ඩායමේ නායකත්වය මෙන්ම ප්‍රධාන පුහුණුකරුවා දක්වා ඔහුට පැමිණීමට හැකියාව ලැබුණි.

1986 දී එංගලන්තය සහ ආජන්ටිනාව අතර දැඩි දේශපාලනික අර්බුදයන් පවා නිර්මාණය වී තිබූ අවස්ථාවක එංගලන්තය පරදවා අන්තර් ජාතික පාපන්දු ලෝක කුසලානය තම රටට හිමි කර දීමට මැරඩෝනාට හැකියාව ලැබෙන්නේ ඔහු ලබාගන්නා ජයග්‍රාහී ගෝලයත් සමඟයි.

ඔහු අද (25) දිනයේ දී හෘද්‍යාබාධයක් හේතුවෙන් සිය නිවසේ දී ජීවිතයෙන් සමුගන්නා අතර ඔහු මිය යන විට 60 වන වියේ පසුවිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 30 November 2020 07:24