November 30, 2020

එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලිය තහවුරු කරයි

November 18, 2020

එංගලන්තය විසින් ශ්‍රී ලංකාව සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය තහවුරු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව එක්දින තරඟ 03කින් සමන්විත තරඟාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම තරඟාවලිය 2021 වසරේ ජූනි - ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරඟාවලියේ පළමු තරගය ජූනි 29 වෙනිදා ඩර්හැම් හීද, දෙවැනි තරගය ජුලි 01 වෙනිදා ඕවල් ක්‍රීඩාංගණයේ, තෙවනි තරගය ක්වුට්නි ග්‍රවුන්ඩ් හීද පැවැත්වීමට නියමිත තිබේ. 

එමෙන්ම ඉන්දීයාව සහ පාකිස්ථානය සමඟ එංගලන්ත කණ්ඩායම ලබන වසරේ පැවැත්වීමට නියමිත තරඟාවලිද එම කණ්ඩායම විසින් තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)