April 24, 2024

බිරිඳ විසින් ඉන්දීයානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයාගේ ගෙල මිරිකයි

November 15, 2020

ඉන්දීයානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වින්ගේ බිරිඳ විසින් ඔහුගේ ගෙල මිරිකන ආකාරය දැක්වෙන ඡායාරූපයක් අශ්වින්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිනුමේ මෙන්ම, ඔහුගේ බිරිඳ වන ප්‍රීති නාරායන්ගේ ගිනුමේ ද පළ කර තිබුණි.

මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්ව තිබූ අතර පසුගිය 13 වෙනිදාට යෙදී තිබුණු මෙම යුවලගේ 09 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් මෙම අපුරු ඡායාරූපය ගෙන තිබුණා.

ප්‍රීති නාරායන් විසින් මෙම ඡායාරූපය සමඟ සටහනක් තබමින් විවාහ ජීවිතයට වසර 09ක් බවත්, දෙදෙනාම එකට නිරෝධායනය වෙනවා හැර වෙනත් ආදරණීය හැඟීම් තිබිය හැකිද බවත්, ඔබට කොහෙවත් පැනලා යන්න බැරි බවත් ඇයගේ සැමියා වන රවිචන්ද්‍රන් අශ්වින්වද එම සටහන තුළ නම් කරමින් ඇය කියා තිබුණා.

එම අවස්ථාව දැක්වෙන ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින්,

Rate this item
(2 votes)