March 29, 2024

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ස්වයං නිරෝධායනයට

November 06, 2020

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සහ වර්තමානයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගෞතම් ගාම්භීර් ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට කොරෝනා සඳහා පරික්ෂණයක් කර ඇති ගාම්භීර් සිය ප්‍රතිඵලය එනතුරු බලා සිටින බවද සඳහන් වෙයි.

ඔහුගේ නිවසේ සේවය කරන පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ගෞතම් විසින් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ.

සියලු දෙනාට සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)