April 20, 2024

ජාතික කණ්ඩායමට තෝරා නොගත්තාට කෝලි ඇතුළු බලධාරීන්ට පිත්තෙන් පිළිතුරු දුන් යාදව්

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් එක් උණුසුම්කාරී තරඟයක් ඊයේ (28) දිනයේ නිමාවට පත්විය.

ඒ ගියවර ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ඉන්දීයානු ජාතික කණ්ඩායමේ නායකත්වය දරන විරාට් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් දෙක අතරයි.

මෙහිදී ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැනලේන්ජර්ස් කණ්ඩායම කඩුළු 6ක් දැවී පන්දුවාර 20 තුළදී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වූ අතර එයට පිළිතුරු ලෙස මුම්බායිස් ඉන්දියන්ස් පිල කඩුළු 05ක් අතැතිව ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට සමත්විය.

මෙහිදී කැපී පෙනන සිදුවීම වු‍යේ ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ අවස්ථාව අහිමි වූ සූර්යකුමාර් යාදව් විසින් දැවැන්ත පිති හරඹයක නිරත වීමයි.

ඔහු පන්දු 43ක් තුලදී ලකුණු 79ක් ලබා ගන්නේ 4 පහර 10ක් සහ 6 පහර 03ක් ද සමඟ විරාට් කෝලිගේ නායකත්වය ඇති රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට හිතේ හැටියට පහර දෙමිනි.

සමාජ ජාල ඔස්සේ මෙම සිදුවීම බොහෝ සෙයින් කතාබහට ලක්වෙමින් තිබෙන අතර බොහෝ දෙනා පවසන්නේ සූර්යකුමාර් යාදව් විසින් තමන්ගේ සැබෑ දක්ෂතාවය කුමක්දැයි ඔහුව තෝරාගැනීමේ අවස්ථාවෙන් ඉවත් කළ ක්‍රිකට් බලධාරීන්ට මනාව පෙන්වා දුන් බවයි.

Rate this item
(0 votes)