April 20, 2024

ගෘහ නිර්මාණ ශිල්පියෙක් ඉන්දියානු T20 කණ්ඩායමට

ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරමින් සිට පසුව සේවයෙන් ඉවත් වූ වරුන් චක්‍රවර්ති දැඩි උත්සාහයකින් පසුව ඉන්දීය ක්‍රිකට් තරඟ සඳහා ඇතුළු වී ක්‍රීඩකයෙකි.

නමුත් අද වන විට ඔහු ඉන්දීයානු T20 කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි කරගැනීමට සමත් වී තිබේ. ඒ එළැඹෙන ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහායි.

පසුගිය 24 වැනිදා පැවැති දිල්ලි කැපිටල්ස් සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසය අලුත් කිරීමටද මෙම 29 හැවිරිදි ක්‍රීඩකයා සමත් වන්නේ පන්දු වාර 04ක් තුළ ලකුණු 20කට කඩුළු 05ක් බිඳ හෙලමිනි.

දඟ පන්දු යන්නෙකු වන වරුන් පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් කොටි 4කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 October 2020 07:05