March 29, 2024

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ සියලු සාමාජිකයන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ක්‍රිකට් මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ බෙරෙස්ෆර්ඩ් විලියම්ස් සිය ඉල්ලා අස්වීම ඊයේ (25) දිනයේ දී ලබා දී තිබේ.

තම ඉල්ලා අස්වීම පිළිබඳව සඳහන් කිරීමෙන් පසුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බවත් ක්‍රීඩාවට ඇති ඇල්ම නිසා තමා ඉල්ලා අස්වන බවත් මෙය දැනට ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කළ හැකි හොඳම ක්‍රමය බවත්ය.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි සාමාජිකයන් කිහිප දෙනාද සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.

එමෙන්ම ඔවුන්ගේ ඉල්ලා අස්වීම එරට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළීගෙන ඇති බවද සඳහන් වෙයි.

මූල්‍ය වාර්තා ප්‍රසිද්ධ නොකිරීම සහ තවත් චෝදනා කිහිපයක් ද.අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයට එල්ල වී තිබුණු අතර ජාත්‍යන්තර තරග තහනම් කිරීමේ අවදානමක් පවා එල්ල වී තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 October 2020 21:41