March 29, 2024

අන්ත පරාජයකට මුහුණ දුන් දෝණිට බිරිඳගෙන් සංවේදී කවියක්

මෙවර ඉන්දීය ප්‍රමීයර් ලීග් තරඟාවලියේ අන්ත පරාජයකට මුහුණ දීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිංග් දෝණි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයාමට සිදුවිය.

ඔවුන් තරඟ 12කට සහභාගී වූ අතර එයින් ජය ගැනීමට හැකි වුයේ තරඟ 4ක් පමණයි. ඉතිරි තරඟ 08ම ඔවුන් දැඩි පරාජයට පත් වූ අතර IPL ප්‍රසාද ලකුණු සටහන තුළ අවසන් ස්ථානයේ රැඳී සිටීමටද ඔවුන්ට සිදුවිය.

03ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර මූලික වටයෙන් ම ඉවත් වීමට සිදුවීමද විශේෂත්වයකි.

මෙම පරාජය හමුවේ තම සැමියා වනු එම්.ස්. දෝණිගේ සිත සැනසීමට ඔහුගේ බිරිඳ වන සාක්සි සිංග් විසින් කවියක් ලියා ඇති අතර එය ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිනුමේ ද පළ කර තිබුණි.

එහිදී ඇය එම කවිය "මෙය එක් තරඟයක් බව" ලෙසින් මාතෘකා ගත කර තිබුණු අතර ඇය එහිදී ලියා තිබුණේ පරාජයට පත් වුණත්, ජයග්‍රහණය ලැබුවත් මෙය එක් තරඟයක් පමණක් බවයි.

සියලු දෙනාට පරාජයට පත් වීමට අවශ්‍ය නොවුණද සියලු දෙනාටම ජයග්‍රහකයන් වීමට නොහැකි බවද ඇය එහි ලියා තිබුණි.

තමන්ගේ සිත තුළ ඇති සංවේදී බව නිසා ක්‍රීඩාවේ ජීව ගුණය නැති නොකරගන්නා ලෙසත් නියම රජවරුන් මෙන් සටන් කරන ලෙසත් ඇය එහි ලියා තිබුණු අතර බොහෝ චෙන්නායි සුපර් කිංග්ස් රසිකයන් මෙම කවියට සංවේදී වූ බවද වාර්තා වෙයි.

එම කවිය පහතින්,

Instagram හි මෙම පළ කිරීම බලන්න

?

(@sakshisingh_r) හි Sakshi Singh Dhoni විසින් බෙදා ගත් පළ කිරීමකි හි

Rate this item
(0 votes)