April 25, 2024

"ඔබ දැන් වයසයි - විශ්‍රාම ගන්න" යැයි කී කතාවලට මහේන්ද්‍ර සිං දෝණි ක්‍රියාවෙන්ම පිළිතුරු දෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුළ තම නම ඉහළීන්ම රඳවා ගැනීමට හැකි වූ ඉන්දීය සුපිරි පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක මෙන්ම හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණිගේ සාර්ථකත්වයට වඩා මෙවර තරඟාවලිය තුළ ඔහුගේ ආසාර්ථකත්වය කැපී පෙනුණී.

40 වැනි වියේ පසුවන ඔහු කඩුළු අතර දිවීමේ දී වෙහෙසට පත්වෙන බවත්, පන්දුවට පහර දීම මන්දගාමී බවත් සමහර ප්‍රේක්ෂකයන් චෝදනා කරන්නට විය.

නමුත් ඊයේ (19) දිනයේ දෝණි ක්‍රීඩා කරනු ලබන චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර තරගයේ දී තමන්ට තවමත් පෙර පරිදි දස්කම් දැක්විය හැකි බව දෝණි ප්‍රේක්ෂකයන්ට සහ අනිකුත් ක්‍රීඩකයන්ට පෙන්වා දුන්නේය.

ඒ ඊයේ දිනයේ සිය 200 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ඒ අනුව  දීපක් චහාර් විසින් යොමු කරන ලද පන්දුවක් සංජු සැම්සන් විසින් හතරේ සීමාව වෙත හරවා යැවීමට ගත් උත්සාහයේ දී කඩුළු රකිමින් සිටි දෝණි විසින් පන්දුවට දෙසට පැන උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වුයේ තමන් පෙර සිටි සුපිරි ක්‍රීඩකයා බව පසක් කර දෙමිනි.

නමුත් තරගය ජය ගැනීමට එම උඩ පන්දුව ප්‍රමාණවත් නොවු අතර තරගයේ ජය කඩුළු 07කින් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් විය.

දෝණි උඩ පන්දුව රැක ගත් අවස්ථාවේ දර්ශනය -

Rate this item
(0 votes)