March 22, 2023

IPL ඉතිහාසය තුළ අලුතින් ලියැවුණු සුපිරි පන්දුවාර 03ක්

ඊයේ (18) දිනයේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොල්කටා නයිට් රියඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් තරගයේ දී එක් සුපිරි පන්දු වාරයක් ද, කින්ග්ස් ඉලවෙන් පන්ජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් තරඟ දෙක අතර පිළිවෙළින් සුපිරි පන්දුවාර 02ක් ද ක්‍රියාත්මක වීම කැපී පෙනුණි.

කොල්කටා නයිඩ් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් තරගයේ සුපිරි පන්දු වාරයේ ජයග්‍රහණය කොල්කටා නියිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි විය.

මෙහිදී සියලු දෙනාගේ අවධානයට ලක් වූ කින්ග්ස් ඉලවෙන් පන්ජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් දෙක අතර තරඟය සුපිරි පන්දු වාර 02ක දැඩි ප්‍රවේගකාරී අවස්ථාවක් විය.

මෙහිදී ක්‍රියාත්මක වූ පළමු සුපිරි පන්දුවාරය කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වීම නිසා දෙවැනි පන්දු වාරයක් ක්‍රියාත්මක විය.

එහිදී ක්‍රිස් ගේල්ගේ සුපිරි පිතිහරඹය මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම පරදවා කින්ග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දීමට සමත් විය.

Rate this item
(0 votes)